27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපති

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු විසින් 2024 අය වැය සහ එහි පදනම පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළහ.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

Shiran Viraj

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

Shiran Viraj

විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »