30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 132 – 220 අතර වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ  ‘කාබන් විමෝචන අවියේ ආර්ථික මෙහෙයුම’ යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කළ ජනරජ කතිකා වැඩසටහනට සම්බන්ධ වෙමිනි.

එහිදී කාබන් විමෝචනය සහ එමගින් ලබාගත හැකි ආර්ථික ලාභය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අපි එක කාලයක් ලංකාවේ උත්සාහයක් ගත්තා කාබන් ෆන්ඩ් එකක් හදන්න. ඒකට රජයේ සහය ලබාදෙන්න. ඒක සාර්ථක වුන් නෑ. මොකද ඒකට අපි පත් කරපු පුද්ගලයා වන සුරේන් බටගොඩ මහත්තයට මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා එන්න කියලා “තමුසේ මොනවද අයිසේ මේ පරිසර මේවා කතා කරන්නේ? මුලින් මෙන්න මේ ධනය උත්පාදනය කරන හැටියක් බලනවා මේ මුදල් අමාත්‍යංශයට වෙලා” කියලා තිබුණා එතනින්ම අපේ කාබන් ෆන්ඩ් එක ඉවර වුණා.

අපි ඉදිරිපත් කරා තව අදහසක් ලෝකයට. මේ ලෝකයේ ගමන් මග, එහෙම නැත්නම් සංවර්ධනය, මනින මිනුම් දණ්ඩක් හැටියට දළ දේශීය නිෂ්පාදනය පමණක් නෙවෙයි කාබන් විමෝචනයයි, සම්පත් භාවිතාවයි කියන එකත්, මේකට ඇතුල් කරන්න ඕන කියලා. පරිසර සාධකයත් මේ සංවර්ධනයේ කොටසක් කියලා. ඒකට මුල්වුණේ ඇත්තටම මම පරිසර අමාත්‍යංශයේ සිටි කාලයේ හිටපු අනෝජා හේරත් මහත්මිය. ඒ කාලේ මානව සංවර්ධන දර්ශකයේ ප්‍රධානියා හැටියට හිටියේ ජර්මන් ජාතිකයෙක්. ඔහු සමඟ අපි ගිහිල්ලා මේ ගැන කතා කරලා, වාද විවාද කරලා, විශාල විවාදයක් ඒ වෙනකොටත් තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාව ලොකු හයියක් වුණා මේකට. ඒ කාලේ IPC එකේ ප්‍රධානියාත් ඉංජිනේරුවෙක් හැටියට හිටපු ඉන්දියාවේ පචාරි කියන කෙනා.

අනෙක් කාරණය ‘කාබන් ණය’ අයකිරීමක් කළ යුතුයි කියන කාරණය.මං දැක්කා ජනාධිපතිතුමත් කියලා තියෙනවා මේ පිළිබඳ. නමුත් අපි ඒක 2017 දීමයි ඉදිරිපත් කළේ. එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය – 2.1 Tons වුණත් ලංකාවේ ඒකපුද්ගල විමෝචනය – 1.1 Tons යි. ඒ අනුව බලනකොට අපේ රටට විමෝචනය කළ හැකි කාබන් ප්‍රමාණයෙන් කොටසක් වෙනත් ධනවත් රටවල් ලබාගෙන තියෙනවා. ‘කාබන් ණය’ මගින් ඒ අපට අයිති කාබන් ප්‍රමාණයට සරිලන මුදල් ලබාගත යුතුයි කියන කාරණය අපි ඇතිකළා.”

ඒ අනුව මෙම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස් මෙසේයි…

  • එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය – 2.1 Tons
  • ලෝකයේ දැනට එක් පුද්ගලයෙකු පිට කරන කාබන් ප්‍රමාණය – 4.69 Tons
  • පැරිස් කණ්ඩායම ඇතුළු දියුණු කණ්ඩායම් වල විමෝචනය – 8.3 Tons
  • චීනයේ ඒකපුද්ගල විමෝචනය – 7.6 Tons
  • ලංකාවේ ඒකපුද්ගල විමෝචනය – 1.1 Tons
  • එහෙයින් ලංකාවට තවදුරටත් ලෝක සම්මුතියට අනුව එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැකි වාර්ෂික කාබන් ප්‍රමාණය – 1 Tons
  • එනම් මිලියන 22 ජනතාවට මිලියන 22 Tons
  • නමුත් අපගේ විමෝචන හැකියාව ඉහත පැරිස් සමුළුවේ රටවල් (ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද ඇතුලත්ව) මෙන්ම චීනයද අපට නොදන්වා ලබාගෙන ඇත.ඉන්දියාව තවමත් ඒ කාණ්ඩයට ලඟා වී නැත.
  • එහෙයින් කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇත.
  • දැනට කාබන් 1 Tons ක් අලෙවි වන්නේ ඩොලර් 6 – 10 අතරය.
  • මේ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් දායකත්වය ඩොලර් මිලියන 132 – 220 අතරය.
  • 1991 සිට ගත් කළ ඩොලර් මිලියන 3900 – 6600 අතරය.
  • ලංකාවේ විදේශ ණය වලට ඉහත රටවල් මේවා හිලව් කළ යුතුය. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඉන් අනතුරුවය.

මෙම වැඩසටහන සඳහා පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති, ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සහ ජාතික හරිත පෙරමුණේ නායක පැතුම් කර්නර් මහතා සම්බන්ධ විය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Related posts

විශ්වාසභංගය තුළින් ජනතාව දැනුවත් කිරීම අපේක්ෂාවයි

Shiran Viraj

ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී

Shiran Viraj

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

Shiran Viraj