2026-08-08
mediahumanrights.lk
BusinessBusiness NewsNews

12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1045 කින් වැඩි කර යුතුව තිබූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

නමුත් ජනතාව ගැන සිතා සමාගම විසින් මිළ වැඩි කරන ලද්දේ රුපියල් 145 කින් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

සමාගම ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කළ විමසීමකට ඔහු මේ බව කියා සිටියේය.

ලෝක වෙලදපලේ ගෑස් මිල ඩොලර් 100 කින් පමණ වැඩි වී තිබෙන නමුත් පසුගිය මාසයේ දී ද මිල වැඩි නොකළ බවත් අඩු මිලට ගෑස් පැවතියදී විශාල තොගයක් ඇණවුම් කළ නිසා පවතින මිලට ලබාදීමට හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

දැනට මෙරටට ගෑස් සැපයීම දැන් 2024 වසරේ ජූනි මාසය පමණ වන තෙක් ගැටලුවක් මතු නොවන බවද ඔහු තවදුරටත්  කියා  සිටියේය.

Related posts

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj

සෞදි අරාබිය තම වැට් බද්ද තුන් ගුණයකින් ඉහළ දමයි

Shiran Viraj

e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසර

Shiran Viraj
Translate »