2026-07-11
mediahumanrights.lk
Local NewsNews

සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…

යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සාමාන්‍යපෙළ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පලාලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අදාල සිදුවීම සම්බන්ධයෙන් 12 දිනයේදීද පාසල් සිසුවියන් තිදෙනෙකුගෙන් ප්‍රකාශයන් ලබාගැනීමට නියමිත වුවුද අධයාපනික කටයුතු පැතීම හේතුවෙන් නොහැකි වූ බවටත් අධ්‍යාපනික කටයුතු අවසන් වීමෙන් පසුව අදාල සිසුවියන් තිදෙනාගෙන්ද ප්‍රකාශයන් ලබාගැනීමට පියවර ගන්නා බවටය.

අපයෝජනයට ලක්වූවායැයි පැවසෙන් සිසුවිය අදාල පුද්ගලයා විසින් තමන්ටහිරිහැර කරමින් අපයෝජනය කරන බවට පාසලේ විදුහල්පතිවරයාට දැනුම්දීමෙන් පසුව විදුහල්පතිවරයා විසින් පලාලි පොලීසිය දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් පලාලි ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පාසලේ සිසුවියන්ගෙන් ප්‍රකාශයන් ලබාගැනීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂන සිදුකරන පලාලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

Shiran Viraj

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Shiran Viraj

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වීමෙන් ආර්ථිකයට දැඩි බලපෑම්

Shiran Viraj
Translate »