28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රට පුරා චෛත්‍යය දහසක් හදන බවට ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

ඔහුට අනුව එක් දිස්ත්‍රික්කයක චෛත්‍යය 41ක් සෑදිය යුතු බවත් නමුත් බෞද්ධයන් අඩුවෙන් ජීවත් වන දිස්ත්‍රික්ක 9 අඩුකළ විට ඉතිරි දිස්ත්‍රික්ක 15 සඳහා එක් දිස්ත‍්‍රික්කයක චෛත්‍ය 66ක් සෑදිය යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම සිංහල ජන බෞද්ධ ජන ඝනත්වය අනුව බැලූවිට එක් ආසනයකට චෛත්‍ය නවයක් සෑදිය යුතු බවද රත්නප්‍රිය මහතා කියා සිටියේය.

විපක්ෂ නායකවරයාගේ රට දියුණු කරන ඉල්ලක්කය මේ ආකාරයෙන් දැයි ප්‍රශ්න කළ ඔහු මෙවැනි විපක්ෂ නායකවරුන් තවදුරටත් එම තනතුරේ තියා ගන්නේ දැයි ප්‍රශ්නයක් ඇති බවද සඳහන් කළේය.

මෙවන් ඉල්ලීමක් මහා නායක හිමිවරුන් හෝ යෝජනා නොකරන බවත් උන් වහන්සේලා පවා යෝජනා කරන්නේ බෞද්ධාගම යථාවත් කර අඩුපාඩු සකස් කිරීම බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

Related posts

කථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයි

Shiran Viraj

ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ වාර්තා එයි

Shiran Viraj

යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝග

Shiran Viraj
Translate »