26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..

ජල ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

එමගින් යෝජනා කර ඇත්තේ ජල ගාස්තු සංශෝධනය සකස් කිරීමේ දී මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම සහ මණ්ඩලයේ ණයසේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද දෙකම සැලකිල්ලට ගත යුතු බවයි.

මෙම ජල ගාස්තු සංශෝධනය ඉක්මනින් ක්‍රියාත්මක කර රුපියල් බිලියන හතක මාසික ආදායමක් ලබාගැනීම ද බලාපොරොත්තු වන බවත් මණ්ඩලය සඳහන් කර තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීම සමග ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවද මණ්ඩලය සඳහන් කරයි.

මීට සමගාමීව ජල ගාස්තු ප්‍රතිපත්තියක් හා ජල ගාස්තු සූත්‍රයක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

‘අල්ලපු ගෙදර ගෑණි රෙද්ද උස්සං කෑගනවා..’ ඇමති තෙවරප්පෙරුම පෝයදා පිං අතේ වැඩක් කරගනී.. [Video]

Shiran Viraj

සාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුල

Shiran Viraj
Translate »