28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Business Business News News

දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත් සහ තවදුරටත් ශක්තිමත් කළ යුතු ව්‍යාපෘතියක් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

මරදාන ට්‍රේස් සංකීර්ණයේ පිහිටි වේගා ඉනෝවේෂන් සමාගමේ නිරීක්ෂණ සංචාරයකට පසුගියදා එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වේගා ඉනෝවේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සමඟ මෙරට තාක්ෂණික අංශයේ නව නිපැයුම් පිළිබඳව සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව සොයා ගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කර ඊට පවතින අවස්ථාවන් රට තුළ පුළුල් කළ යුතු බවයි. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අභිලාෂය වන්නේ ඩිජිටල් ආර්ථිකයක් සඳහා රට මෙහය වීම බවත්

ඒ සඳහා නවීන තාක්ෂණය සහිත නව නිපැයුම් වෙත ගමන් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන් සමන්විත ජයාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිතුමා තාක්ෂණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙන බව ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා.

” අපේ රටේ පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් වෙනම පනතක් ස්ථාපිත කර නැහැ. ඒ සඳහා තාක්ෂණ අමාත්‍යාංශය වශයෙන් අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් රටේ තිබෙන පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම අනෙකුත් පර්යේෂකයන්ට ඒ අවස්ථාව උදාකර දෙන්න බලාපොරොත්තු වෙනවා. වේගා ආයතනයේ නිෂ්පාදන මේ වෙනුවෙන් ඉතාම වැදගත් වෙනවා. පර්යේෂණ කටයුතු වෙනුවෙන් මෙය ඉතාම වැදගත්. වේගා ආයතනය ගෙන යන වැඩපිළිවෙළ අගය කරනවා. රජයක් වශයෙන් මේ ආයතනය සඳහා ලබාදෙන්න පුළුවන් සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න පියවර ගන්නවා. විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත් සහ තවදුරටත් ශක්තිමත් කළ යුතු ව්‍යාපෘතියක්. ඉන්ධන යොදා භාවිතා කරන ත්‍රී රෝද රථ වෙනුවට මෙම ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථ සහන ක්‍රමයට හෝ ලබාදෙන්න පියවර ගන්නේ නම් එක් පැත්තකින් රටේ ආර්ථිකයට සාධනීය බලපෑමක් වනවා වගේම , . එය තිරසාර සංවර්ධනයටත් ගුණාත්මක ලෙස බලපානවා. ඉන්ධන ගැටලුවට විසඳුමක් මෙන්ම මුදල් ඉතිරිකර ගන්න හැකි වෙනවා. එය රටේ ආර්ථිකයට ශක්තියක් වෙනවා. අනෙකුත් වාහන වෙනුවෙන් ද වේගා ආයතනය මේ වනවිට පරීක්ෂණ කරගෙන යනවා. ඒ සඳහා රජය පූර්ණ සහාය දෙන්න සූදානම්” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– Media unit

Related posts

අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ‍්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..

Shiran Viraj

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Shiran Viraj

ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

Shiran Viraj