28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..

කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය හා පවතින ගැටලු පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර එහි වර්තමාන තත්ත්ත්වය ඇතුළු මුල්‍යමය ප්‍රතිපාදන හා අනෙකුත් කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නාගරික සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රණවීර,යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

– Media unit

Related posts

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

Shiran Viraj

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

Shiran Viraj
Translate »