mediahumanrights.lk
Local NewsNews

බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා වන ශාම් කුමාර් කටයුතු කර තිබුණි.

(04) දින පස්වරු 3.30 ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බස් රථයට හැටන් ප්‍රදේශයට පැමිණිමට මගින් 13 දෙනෙකු එකවර පැමිණි බවත්, එසේ පැමිණි පිරිසගෙන් එක් අයෙකු බස් රථය පිටත් විමට ප්‍රථම තම දුරකථනයට කතා කර ආසන වෙන් කරදෙන ලෙස ඉල්ලිමක් කල බවයි කොන්දොස්තරවරයා කියා සිටියේ.

පැමිණි සියළු දෙනාට ආසන වෙන් කිරිමට නොහැකි වු නිසා ආසන වෙන් කරදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලිමක් කල මගියාට බස් රථයේ එන්ජිම මත සිදගෙන පැමිණෙන ලෙස පැවසු බවත්, එසේ පැමිණි මගියා වටවල නගරයෙන් බැසගොස් මද වේලාවකට පසු තම දුරකථනයට ඇමතුමක් ලබා දි මගේ මුදල් පසුම්බිය බස් රථයේ වැටි ඇත්ද යන්න සොයා බලන ලෙස කල ඉල්ලිමක් මත බස් රථයේ එන්ජිම මත තිබු ගමන් මළු ඉවත් කර පරික්ෂා කිරිමේදි මුදල් පසුම්බිය තිබි හමු වු බව කොන්දොස්තරවරයා පැවසිය.

අස්ථානගත වි තිබු මුදල් පසුම්බිය නැවත ලබාදිම සම්බන්ධයෙන් එම මගියා වන පුෂ්පනාදන් කර්නන් (21) කියා සිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරතුර තම මුදල් පසුම්බිය අස්ථානගත වු බවත්, එම මුදල් පසුම්බිය තුල රු 40000/= මුදලක් , ජාතික හැදුනුම්පත , බැංකු කාඩ්පත තිබු බවයි.

අස්ථානගත වු මුදල් පසුම්බිය නැවත තමන්ට ලබාදුන්  කොන්දොස්තරවරයාට සිය ස්තුතිය පුද කරන බවද පුෂපනාදන් කර්නන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

Shiran Viraj

පරීක්ෂණ වලින් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරීම් ආරම්භ කරයි

Shiran Viraj
Translate »