26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
International NewsNews

මැන්චෙස්ටර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යංශය

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිදු වූ පිපිරිමෙන් එරට වෙසෙන ශ‍්‍රි ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ තානාපති අංශ සමග තවදුරටත් සබඳතා පවත්වමින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නා බවයි.
පිපිරීම සිදු වූ අවස්ථාවේම මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් සමග සම්බන්ධ වෙමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බවයි එම ප‍්‍රකාශකයා සඳහන් කළේ.
පිපිරීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පිපිරීමෙන් මිය ගිය හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වන්නේ නම් බි‍්‍රතාන්‍ය පොලිසිය ඒ සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
01610 8569 400 අංකයෙන් බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ අමතමින් තොරතුරු ලබා ගත හැකියි. පිපිරිම පිළිබඳ තවත් තොරතුරු විදෙස් පුවත් තුලින් බලාපොරොත්තු  වන්න.
අදාල ප්‍රහාරය එල්ලවීමෙන් පසු දර්ශන පහතින්.
(under the courtesy of nethfm news web)

 

Related posts

ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…

Shiran Viraj

විමල් උපවාසය අත්හරියි!

Shiran Viraj

කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

Shiran Viraj
Translate »