28.9 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ මූලික එකගතාවලට දැනටමත් එළැඹ ඇතැයිද එම අධිකාරිය සදහන් කරයි.

මූලික එකගතාව සදහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගියදා සිදු කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ මහතා ඊට අත්සන් තැබිණ.

මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ගැටළුවලට විසදුමක් ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි. ඇමතිවරයාගේ මූලිකත්වයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මේ වන විට ඒ සදහා සැලසුම් සකස් කරමින් පවතී.

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29 ක්) ලබා දීමට නියමිතයි. ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය. ඒ සදහා තෝරා ගෙන ඇත්තේ පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන නාගරික ප්‍රදේශයි.

මෙම නිවාස ව්‍යාපෘති 5 න් කොට්ටාව නිවාස ව්‍යාපෘතිය මෙරට ජ්‍යෙෂ්ට කලාකරුවන් සදහා වෙන් කර තිබේ. එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 108 කි. නිවසක ප්‍රමාණය වර්ග අඩි 750 කි. අනෙක් ව්‍යාපෘති 4 අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 1,888 කි. මෙහි නිවසක් වර්ග අඩි 530 කින් යුක්ත වේ. මෙම වසර අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද  නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සි. ප්‍රියශාන්ත, අතිරේක ව්‍යාපෘති අධ්‍යක්ෂ නිහාල් දිසානායක යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර

Related posts

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

Shiran Viraj

මහා ගල් පාරට පෙරලී පාර වැසී යයි…ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දැමේ.

Shiran Viraj

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Shiran Viraj
Translate »