2026-09-07
mediahumanrights.lk
Local NewsNews

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

නානඳුන පුද්ගලයකු විසින් තමන් වහන්සේට වෙඩි තැබීම සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ විමසා බැලුවේ භික්ෂූන් වහන්සේලා සිව්නමක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් පමණක් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ සඳහන් කළහ.

නමුත් එම වෙඩිල්ල දකුණේ කොළඹ හෝ නුවර භික්ෂුවට තිබුණේ නම් තත්ත්වය මීට වඩා වෙනස් යැයි ද උන්වහන්සේ පැවසූහ.

තමන්ට වෙඩි තැබුවේ මොන දේශපාලන පක්‍ෂයෙන් දැයි කියා සොයා ගත යුතුයැයි බොරු පුවත් නිර්මාණය නොකර සැකකරු අත්අඩංගුවට ගන්නැයි ද උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටිති.

අසාධාරණයට එරෙහිව නැගෙනහිර පළාතේ බෞද්ධයන් වෙනුවෙන් සටන් කරන තමාට වූ මෙම සිදුවීම ගැන බෞද්ධයන් නිහඬවීම කනගාටුදායක බවද සුමනරතන හිමියෝ තවදුරටත් කියා සිටියහ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තමන්ගේ ඥාතියකු යයි ආරක්‍ෂක අංශ විසින් සමාජගත කිරීමට උත්සාහ දරන බවට ද උන්වහන්සේ තව දුරටත් කියා සිටිති.

Related posts

තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

Shiran Viraj

හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..

Shiran Viraj

ආහාර උද්මනය නගී..

Shiran Viraj
Translate »