26.1 C
Colombo
2026-09-16
mediahumanrights.lk
NewsPolitical

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

‘1989 ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්න අය අද බලය ලබා ගැනීමට උත්සාහ කරනවා.හිටපු මන්ත්‍රීවරයෙක් ශ්‍රී දළදා මාලිගාවට ගහන්න බෝම්බ පවා නිෂ්පාදනය කළා.ඒ බෝම්බය පිපිරීමෙන් ඒ මන්ත්‍රීවරයාගේ අතේ ඇඟිලි හතරක් නැති උනා.මේ වගේ අය තමයි රූපවාහිනිය හරහා විවිධ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරන්නේ’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර වත්තේගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

‘2015 අපේ රජය එනකොට ලෝක බැංකුව අපිට කිව්වා දේශීය ආදායම් වැඩි කරගන්න කියලා.අපි මොකක්ද කරේ,මහා පරිමාණ සමාගම අපේ රටේ තියෙනවා , නමුත් මේ සමාගම් තමන්ගේ ආදායම හරියට පෙන්වන්නේ නෑ.ආදායමෙන් 25%යි පෙන්වන්නේ.අන්න ඒ නිසා අපේ මුදල් ඇමැතිවරයාට එදා කිව්වා මේ හෙළි කරන 25%ට හොඳ බද්දක් ගහන්න ඕන කියලා.මොකද කොච්චර බදු ගැහුවත් මේ අය බංකොලොත් වෙන්නේ නෑ.බදු ගහන්නේ පෙන්වන ආදායමට නිසා.විශ්වාස කරන්න අපිට වසරකට බිලියන 800ක් බදු ආදායමක් ගන්න පුලුවන් වුනා.නමුත් වත්මන් ආණ්ඩුව මොකක්ද කළේ? පලවෙනි අයවැයන්ම මේ බද්ද අහෝසි කළා.බදු ආදායම බිලියන 800 නැති කරගත්තා.පස්සේ මාස කීපයක් යනකොට කෝවිඩ් අර්බුදය ආවා.බෙහෙත් ගන්න සල්ලි නැතිවුනා,ජනතාවට ඒ බදු බර පටවව්වා.

48 ඉඳලා වරින් වර කවුරු රට පාලනය කළත් අපේ රට බංකොලොත් කරේ නැ.දැන් මේකෙන් ගොඩ එන්න ලේසිත් නෑ.අපි සියලු දෙනාටම දීර්ඝ කාලයක් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවාමයි.

මම පැහැදිලිවම මේක කියන්න ඕන අපේ රටේ පාලනය කිරීමේ බලය ලැබුණේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරන පුද්ගලයෙකුටයි.රජතුමාට නැතිනම් පාලකයෙකුට.නමුත් අද අපි දකිනවා 1989 ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්න අය අද බලය ලබා ගැනීමට උත්සහ කරනවා.අපේ සාසනය ඇත්ත නම්,අපේ ධර්මය ඇත්ත නම්,මම විශ්වාස කරනවා එය කිසිදාක සිදු වෙන්නේ නෑ කියලා.89 පත්තර හොයාගෙන මම බැලුවා.ඇත්ත වශයෙන්ම කියනවා නම් බෝම්බ පවා හැදුවා ශ්‍රී දළදා මාලිගාවට ගහන්න.අද රූපවාහිනිය ඔස්සේ විවිධ අයට චෝදනා කරන හිටපු මන්ත්‍රීවරයෙක් තමයි මේ බෝම්බ නිෂ්පාදනය කළේ.ඒ බොම්බය පිපිරීමෙන් ඒ මන්ත්‍රීවරයාගේ අතේ ඇඟිලි 4ක් නැති වුණා.මේ වගේ අය තමයි අද රූපවාහිනියට ඇවිල්ලා විවිධ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරන්නේ.වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයන් මේ කාරණා ගැන දන්නෙ නෑ , මේවා දැනගන්න ඕනි.යුරෝපීය ජාතීන් 3ක් පාලනය කරලත් අපේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා වුණා.ඉදිරියටත් අපේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා වනවාට කිසිම සැකයක් නෑ’

– Media unit

Related posts

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj

රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්

Shiran Viraj

දේශබන්දු වරදකරු කෙරේ..

Shiran Viraj
Translate »