27.8 C
Colombo
2026-08-21
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් හිමි වන නිසාය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පාර්ශවයන් පරාජයට පත් වූවොත් එය ඊළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ද බලපානු ඇති නිසා කෙලෙස හෝ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක ද ආණ්ඩුව නිරත වෙමින් ඇති බවද වාර්තා වෙයි.

මීළඟ ජනාධිපතිවරණය කැඳවිය යුතු දිනය වන්නේ 2024 නොවැම්බර් 17 වනදා වුවද බලයේ සිටින ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් එය 2023 නොවැම්බර් 17 වනදාට පසු පසුව කැඳවිය හැකි තත්ත්වයක් තිබේ.

Related posts

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

Shiran Viraj

දුම්රිය සියල්ල නවතී.. දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් අරඹති.. කොටුවේ උණුසුම් තත්වයක්…

Shiran Viraj

උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්

Shiran Viraj
Translate »