30 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

එළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…

කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයෙකු විසින් කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත.

දිනපතා තමන්ට අයත් එළුවන් කනකාම්බිකෙයි වැව් තාවුල්ලට රැගෙන ගොස් එළුවන්ට ආහාර ලබාදෙන අතරම ඊයේ දිනයේද එළුවන්ට ආහාර ලබා දී නැවත එළුවන් නිවසරට රැගෙන එමින් සිටින අතරතුර මාර්ගයේ වැටී තිබූ සොපින් උරයක් දැක ඇත.

එහිදී සොපින් උරය පරික්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් 95,000 ක මුදල දැක එම අවස්ථාවේදීම අදාල මුදල කනකාම්බිකෙයි ග්‍රාම සංවර්ධන සමිතියට ලබාදී අයිතිකරුවන් සොයා භාර දෙන ලෙසට මුදල් සොයාගත් පුද්ගලයා පවසා ඇත.

කෙසේ වෙතත් අදවන තුරුත් මුදල් ලබාගැනීමට අයිතිකරුවෙකු නොපැමිණීම හේතුවෙන් මුදල් හමුවූ පුද්ගලයා සහ ග්‍රාමසංවර්ධන සමිතියේ සාමාජිකයෙකුද සමගින් කිලිනොච්චිය පොලීසියට පැමිණ අදාල මුදල පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

මුදල ලබාගත් කිලිනොච්චිය පොලීසිය විසින් අදාල මුදල්හි අයිතිකරු සිය අනන්න්‍යතාවය තහවුරු කොට මුදල ලබාගන්නා ලෙසටත් මුදල් ලබාදුන් පුද්ගලයාටද ප්‍රශංසා කිරීමට පියවර ගන්නා ලදි.

Related posts

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

අපි පාවිච්චි කරන කාසි වලට එන අලුත් මෝස්තරේ මෙන්න

Shiran Viraj

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Shiran Viraj
Translate »