25.4 C
Colombo
2026-10-12
mediahumanrights.lk
Local NewsNews

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…

ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රෝහල්වල පවතින තත්ත්වය යටතේ ඒවාට ‘පැලැස්තර විසඳුම්’ යෙදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා නොහැකි බැවින් සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ යුතු බවද වෛද්‍යවරයා කියා සිටියේය.

“මේ වනවිට ප්‍රධාන රෝහල් තුළ, නිර්වින්දන, ප්‍රතිජීවක, බෝවන බෝනොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ, පිළිකා, ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 160ක පමණ හිඟයක් පවතිනවා. මේ ඖෂධ සියල්ල මධ්‍යම ඖෂධ ගබඩාවේ නැහැ. අපට අද ඖෂධ වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් සංකීර්ණ ප්‍රශ්න පවතින රෝහල් නියාමනයන් කළ යුතු වුවත්, ඒවා ක්‍රියාත්මක නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ විදේශයන්ගෙන් ඖෂධ ආධාර ලැබුණත්, අපේ සෞඛ්‍ය පද්ධතියට දිගු කාලීන විසඳුම් සෙවිය නොහැකියි” යැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර
Divaina

Related posts

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

Shiran Viraj
Translate »