2026-09-03
mediahumanrights.lk
Local NewsNews

සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…

ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ‍ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ සුපෝෂ, නැණපෝෂ හා ලක්පෝෂ යන පෝෂ වර්ග තුනයි.

අදාල පෝෂ වර්ග නිෂ්පාදනය කරන සමාගම් තුනට මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

මාතර අධිකරණ බල සීමාවන් තුළ මෙම නිෂ්පාදන විකිණීම වහාම තහනම් කරන ලෙසත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වූ වහාම ඉවත් කර ගැනීමටත් නියෝග කර ඇත.

ප්‍රදේශයේ වෙළඳසැල් පරීක්ෂාවට ලක් කරන ලද මහජන පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් තිබීම හේතුවෙන් අධිකරණයේ නඩු පවරා තිබිණි.

Related posts

වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…

Shiran Viraj

ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

Shiran Viraj
Translate »