25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

නිවේදිකාවක් හා නිෂ්පාදකයෙක් පැහැරගෙන නිරුවත්කර පිංතූර අරං

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු හා නිවේදිකාවක සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් නිරුවත් කොට ඡායාරූප ගෙන මහමඟ දමාගොස් ඇති සිද්ධියක් මහරගම පොලීසියෙන් වාර්තා වේ.
වැඩසටහන් නිෂ්පාදකවරයා ඇරුව්වල පිහිටි තම නිවස බලා යමින් සිටියදී (පසුගිය 19 වැනිදා) ගිනි අවියක් පෙන්වා පැහැරගෙන ගොස් ඇති බව පැවසේ.
අදාළ වැඩසටහන් නිෂ්පාදකවරයා සතුව පැවති ජංගම දුරකථනය, මුදල් පසුම්බිය හා රන්මාලය ද, නිවේදිකාවගේ කරාඹු යුගලය, මාලය, ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය ද මෙම කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවුවද, පැහැර ගැනීම හා මංකොල්ලය පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස අදාළ මාධ්‍ය නාලිකාව පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.
-අචලා පියරත්න-
(under the courtesy of srilankamirror news web)

Related posts

දුම්රිය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට..

Shiran Viraj

විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

Shiran Viraj

ඉන්ධන මත විශාල බද්දක් පනවයි.. යලිත් ඉන්ධන මිල ඉහලට.. නව බදු ප‍්‍රමාණ මෙන්න..

Shiran Viraj
Translate »