28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..

නවසීලන්ත ජාතික සංචාරකයකු මෙරට සංචාරයේ යෙදී සිටි දී කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගත් සංචාරක මග පෙන්වන්නෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නවසීලන්ත ජාතිකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

නවසීලන්ත ජාතිකයා කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා සංචාරක මග පෙන්වන්දා සමගින් ත‍්‍රිරෝද රථයකින් මිල ගණන් විමසා ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරා පවසා ඇත්තේ කොළඹ නගරය වටා ඇවිදීමට ඩොලර් 20 ක මුදලක් අවශ්‍ය බවයි.

ඩොලරයක් රුපියල් 4,500 ක් වන බවත් එම මුදල රුපියල් වලින් ලබාදෙන ලෙසත් කළ ඉල්ලීම අනුව නවසිලන්ත ජාතිකයා එම මුදල බැංකු කාඩ් පතක් මගින් ලබාගෙන ඔහුට ලබාදී තිබේ.

ඒ අනුව සැකකාර තීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.

Shiran Viraj