mediahumanrights.lk
International News News

චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

එය ලබන මාර්තු මාසය තෙක් කල් යනු ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන්ට චීනය ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම මීට ප්‍රධාන හේතුව බවද වාර්තාවේ සඳහන්ය.

චීනය මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික සමුළුව සම්බන්ධයෙන් වන නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කිරීමට ඔවුන් සැලකිය යුතු කාලයක් වෙන් කරන්න නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මේ බව පසුගියදා කොළඹ පැවති සමුළුවකදී කියා සිටියේය.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ණය වැඩසටහනට යම් නිශ්චිත තාවයක් මතුව තිබේ.

Related posts

විදුලිය වැදී නොරචෝලය තිදෙනෙක් මරුට..

Shiran Viraj

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

Shiran Viraj

විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයති

Shiran Viraj