28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

‘සාගතයේ අරගලය’ විරෝධතා…

ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

සාගතයේ අරගලය යන මැයෙන් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ කාන්තාවන් පිරිසක් රැස් වෙමින් මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුහ.

අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය සරෝජා සවිත්‍රි මහත්මිය මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ජිවන වියදම සහ භාණ්ඩ මිල ඉහල යාම හමුවේ වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාව කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි.

ආර්ථික තත්ත්වයෙන් පහල මට්ටමක සිටින රටේ ජනතාව දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගෙන ජිවත් විමට සිදු වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත එම අයට කුසගින්නේ සිට මියයාමට සිදු වි ඇති බවයි.

රටේ පාලකයින් මේ සදහා කඩිනම් විසදුම් ලබාදිය යුතු බවද අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය වැඩිදුරටත් පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Related posts

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධය

Shiran Viraj
Translate »