2026-08-15
mediahumanrights.lk
Local NewsNews

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ ඇත. හිමිනම ඔහු රැගෙන යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එම තරුණයා මුහුණු පොතින් හඳුනාගත් තරුණියක්ද ගුවන්තොටුපළට පැමිණ සිට ඇත.

තරුණයා නඩුවකට පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදීම අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේ තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදල් ප්‍රමාණයක් හිමිනමට භාරදී ඇත.

පසුව හිමිනම සිය ඥාති පුත්‍රයාගේ මිතුරියද සමග පිටත්ව ගිය අතරමගදී එම තරුණිය විසින් පලතුරු බීම දෙකක් වෑන් රථයේ රියැදුරුට සහ හිමිනමට ලබාදී ඇත. එම බීම පානය කිරීමෙන් අනතුරුව සිහි මඳ ගතියක් ඇති වූ බව හිමිනම පොලිසියට ප්‍රකාශ කර ඇත.

ස්වල්ප වේලාවකින් එම ගතිය නැතිවී ගොස් ඇති අතර එම තරුණියද රියෙහි නංවාගෙන පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් බැස්සවූ බව හිමිනම පොලිසියට පවසා ඇත. පසුව බැලීමේදී ඥාති පුත්‍රයා තමන්ට ලබාදුන් මුදල් අතුරුදන් වී තිබූ බවට එම පැමිණිල්ලෙහි සටහන් වේ.

තරුණිය අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.

– Aruna

Related posts

නව පරපුර ගනුදෙනු කරන විදිය

Shiran Viraj

වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

ගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්

Shiran Viraj
Translate »