mediahumanrights.lk
Local News News

මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක් පහලින් පවතින බවත්ය.

මේ වන විට මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

මධ්‍යම පළාතේ පොලිතීන් භාවිතය තහනම් කරන්න යයි

Shiran Viraj

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj

මැරුවේ බයට – ඒක කලේ හිතලා නෙවේ. අවුරුදු 29 සුරුපිණියකගේ පාපොච්චාරණය

Shiran Viraj