mediahumanrights.lk
Local NewsNews

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කයිටස් සහ පුංකුඩතිව් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර තොගයක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස මුහුදට දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

කොළඹ උද්ධමනය 2.1%ක ස්ථාවරත්වයක්: ආහාර මිල අඩුවේ, ආහාර නොවන මිල වැඩිවේ

Shiran Viraj

GSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්

Shiran Viraj

වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

Shiran Viraj
Translate »