27.8 C
Colombo
2026-08-03
mediahumanrights.lk
BusinessBusiness NewsNews

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි.

ඒ අනුව,

2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 66.7% කි. (2022 ජූනි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 58.9%ක් ලෙස වාර්තා විය).

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 82.5% කි. (2022 ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 75.8% විය.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 52.4% දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී එය 43.6% ලෙස වාර්තා විය.

පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2022 ජූලි මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කිරිපිටි, සහල්, අළුත් මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පළතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වූ අතර එළවළු, පොල්තෙල්, පොල්, ලොකුළුෑණු, රතුළුෑණු සහ දෙහි මිලෙහි අඩුවීමක් වාර්තා විය.

Related posts

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…

Shiran Viraj

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj
Translate »