28.9 C
Colombo
2026-07-09
mediahumanrights.lk
International NewsNews

ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් මිලියන හයකට වැඩි පිරිසක් ඊළඟ කෑම වේල පිළිබඳ අවිනිශ්චිත තාවයෙන් පසුවන බවයි.

එම වාර්තාව අනුව ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26 හෝ සෑම නිවාස 10කින් තුනක් ඊළඟ කෑමවේල ලැබේ දැයි සැක සහිත තත්ත්වයෙන් පසුවෙයි.

විශාල ලෙස ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිගය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

දැනටමත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 61%ක් පමණ ආහාර පරිභෝජනය අඩු කර ඇති බවත් පෝෂදායී ආහාර අනුභවය ද අඩු කර ඇති බවත් එම වාර්තාව කියා සිටී.

දැනට පවුල් ලක්ෂ දෙකක් පමණ දැඩි අවදානමට ලක්ව සිටින බවත් ඉදිරියේදී එම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවත් වාර්තාව අනතුර අගවයි.

Related posts

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයි

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර අවදානම්

Shiran Viraj

කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අද

Shiran Viraj
Translate »