mediahumanrights.lk
News Political

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

අදටද මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවද ඔහු පවසයි.

ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු අනෙකුත් සියළු වැඩපිළිවෙළ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දායකත්වය ද සක්‍රීය ලැබෙන බව ඔහු පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..

Shiran Viraj

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…

Shiran Viraj

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

Shiran Viraj