27.1 C
Colombo
2026-10-15
mediahumanrights.lk
Local NewsNews

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සෞඛ්‍ය, වරාය, විදුලි, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදුකරන අතර ඒ සඳහා පමණක් ඉන්ධන ලබා දෙයි.

පෞද්ගලික වාහන කිසිවක් සඳහා ඉන්ධන නිතුක් නොකිරීමටද රජය තීරණය කර ඇත.

නගරාශ්‍රිත සියලු පාසල් ජූලි මස 10 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති අතර සෙසු පාසැල්ද විදුහල්පති අභිමතය පරිදි කටයුතු කල හැක.

රාජ්‍ය සේවය සදහාද මේ වන විට කැඳවන්නේ අත්‍යවශ්‍ය පිරිස් පමණක් වන අතර සෙසු පිරිසට නිවසේ සිට රාජකාරී කිරීමට ද දැනුම් දී තිබේ.

අන්තර් පලාත් බස් ධාවනය අත්හිටුවා කෙටි දුර ධාවන බස් රථ සදහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත.

රට නිල වශයෙන් ලොක්ඩවුන් කර නැතත් පවතින තත්වයන් අනුව එවන් තත්වයක සියළු සලකුණු ඇත.

දැනට රට තුළ ඇති ඉන්ධන සංචිත අවසාන වෙමින් ඇති අතර ඉතා සීමිතව ඇති ඉන්ධන ප්‍රමාණය නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.

කෙසේ වෙතත් ඉන්ධන නෞකාවක් ඇනවුම් කර මෙරටට පැමිණීමට වශයෙන් සතියකට එහා කාලයක් ගත වෙයි.

Related posts

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Shiran Viraj
Translate »