2026-09-07
mediahumanrights.lk
NewsPolitical

රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…

රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට සහල් හිඟයක් ඇතිවී තිබේ.

ඇතැම් වෙළඳසැල වල අලෙවිය සදහා සහල් නොමැති තත්ත්වයක් ද මතුව ඇත.

වෙළඳුන් සඳහන් කරන්නේ සහල් ඇනවුම් කළ ද සැපයුම්කරුවන් විසින් මෙතෙක් එම ඇණැවුම් ලබාදීමට කටයුතු කර නැති බවයි.

පාරිභෝගිකයන්ද සහල් තොග රැස් කිරීම මත මෙම හිගය නිර්මාණ වී තිබේ.

මේ අතර සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස අලෙවි ජාලය ද සහල් නිකුත් කිරීමටත් සීමා පනවමින් එක් පාරිභෝගිකයෙකු සදහා සහල් නිකුත් කරන උපරිම ප‍්‍රමාණයක් සදහන් කර තිබේ.

සතොස වෙළඳසැල් ඉදිරිපිට රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීම හේතුවෙන් සහල් ලබා ගැනීම සඳහා ඒවා ඉදිරිපට දීර්ඝ පෝලිම ඇතිවී තිබේ.

Related posts

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

Shiran Viraj

නාඩුකුඩාවෙන් ආයුධ තොගයක් මතුවෙයි

Shiran Viraj

මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!

Shiran Viraj
Translate »