mediahumanrights.lk
Local News Political

ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…

අද ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ තමන් පෙර සඳහන් කළ අසීරුම සති තුනක කාලය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එළැඹෙන කාලය ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පුවත්පත් කර්තෘ වරුන් සමග පැවති සාකච්ඡාවකදීය.

අද ශ්‍රී ලංකාවේ සිදුව ඇති ආර්ථික අර්බුදය 1969 දී පැවති කෝපි ආර්ථිකය කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් බවද හෙතෙම එහිදී සඳහන් කළේය.

ඉන්ධන අර්බුදය හදිසි තත්ත්වයක් නොවන බව පැවසූ ඔහු මාස ගණනක සිට තෙල් නැව් ගෙන ඒම කළමනාකරණයේ දුර්වලතා නිසා සිදු වූ දෙයක් බවද තව දුරටත් පැවසීය.

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Shiran Viraj

රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..

Shiran Viraj

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Shiran Viraj