28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsPolitical

රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…

නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන හෝ ජාතික එකඟතා ආණ්ඩුවක් නොවන බවය.

ඔහු එය සමාන කළේ “චන්ද්‍රිකා-රනිල්” , “මෛත්‍රී-රනිල්” වැනි ආණ්ඩුවකටය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු සෙසු පක්ෂ වලින් සමන්විත විධායක සභාවකින් මෙම තෝරා ගැනීම ඔහු නොකළ නිසා එය ජනාධිපතිවරයාගේ තනි තීන්දුවක් ලෙස සැලකීමට සිදුවන බවය.

බොහෝ විට ජාත්‍යයන්තර බලපෑම් වලට යටත්වීම නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගන්නට ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව 2003 දී රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැනින් ඉතිරි ටික ඔහු පටන් ගනු ඇති බවටද අමරසේකර මහතා අනතුරු ඇඟවීය.අමරසේකර මහතාට අනුව පක්ෂ 11 සන්ධානය ගෝඨා-රනිල් ආණ්ඩුවට මුක්කු ගැසුවොත් ඔවුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇත.

Related posts

තරු හැඩ වෙන හැටි

Shiran Viraj

රටපුරා වැසි වැඩිවීමක්

Shiran Viraj

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj
Translate »