mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…

එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් 13 දිනයේ දී වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 364.98 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල රු. 365 ක් ලෙසින් වාර්තා කර තිබුණි.

පසුගිය මාර්තු 09 දා සිට ශ්‍රී ලංකා රුපියලේ අගය පා කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්‍රමාණයට ලක්වීමක් දක්නට ලැබුණි.

මෙම පසුබිම තුළ පසුගිය බදාදා (11) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වන බවයි.

මේ අනුව විනිමය අනුපාතිකයේ පවතින අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් 2022.05.12 දින නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් පහත සඳහන් ක්‍රියාමාර්ග නිකුත් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

  • මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ පෙර දින බර තැබූ නිත්‍ය එතැන් අනුපාතය මත පදනම්ව අන්තර් බැංකු ගනුදෙනු සඳහා USD/LKR මධ්‍යම අනුපාතිකය ප්‍රකාශයට පත් කරනු ඇත.
  • මෙහිදී අවසර ලත් USD/LKR විචලන ආන්තිකය ද මහ බැංකුව විසින් නිවේදනය කරනු ලැබේ. (එය + හෝ – ලෙස යොදා ගත හැකිය.)
  • මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වානිජ බැංකුවලින් ඉල්ලා සිටින්නේ පාරිභෝගික ගනුදෙනු සඳහා අදාළ වන ගාස්තු තීරණය කිරීමේදී සාධාරණ ආන්තික පමණක් යොදා ගන්නා ලෙසයි.
  • ඉදිරි අනුපාතිකයන් (Forward rates) ද අන්තර් බැංකු නිත්‍ය අනුපාතිකය (Inter bank spot rate) සමඟ සමපාත විය යුතුය.
  • බලපත්‍රලාභී වානිජ බැංකුවල ගාස්තු සහ කොමිස් ව්‍යුහය සාධාරණ, විනිවිද භාවයෙන් යුතු විය යුතු අතර ගනුදෙනුවේ වටිනාකමට සමාන රුපියලේ අගය අනුව 3%ක් නොඉක්මවිය යුතුය.
  • ඒ අනුව අද (2022.05.13) දින සඳහා මධ්‍යම අනුපාතය රු. 360.00 සිට (+/-) රු. 2.60 ක අවසර ලත් වෙනසක් සහිතව විය යුතුවේ.

– biz.adaderana

Related posts

බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.

Shiran Viraj

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ පාසල් 21 සිට වසාදමන්නැයි දැනුම්දෙයි

Shiran Viraj
Translate »