mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එතරම් වටිනාකම් සහිත අඩුම තරමින් ඩොලර් මිලියනයක වටිනාකම ඉක්මවන වාහන ගණනාවක් අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

තම රජයක් යටතේ මේ වාහන සියල්ල ලංකාවෙන්දේ විදේශයන්ට විකුණා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ හයිඩ් පිටියේ දී පවත්වන ලද ජාතික භික්ෂු පෙරමුණේ සම්මේලනය අමතමිනි.

මන්ත‍්‍රීවරයාගේ මෙම ප‍්‍රකාශයට සමාජ ජාලවල පලවූ ප‍්‍රතිචාරයක දැක්වුනේ මන්ත‍්‍රීවරුන් 225ම ඩොලර් මිලියන 2 බැගින් වටිනා වාහන තිබුනද ඒ සියල්ල විකුණා මසකට අවශ්‍ය ඉන්ධන ගෙන ආ නොහැකි බවයි.

Related posts

පාලන මිලට සැමන් නෑ…

Shiran Viraj

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

Shiran Viraj
Translate »