30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
International NewsNews

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමේදී රූබල් වලින් ගෙවීම් සිදු නොකලහොත් ගෑස් සැපයීම අත්හිටුවන බවට රුසියාව දන්වා ඇත.

ඇමෙරිකාව හා යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පැනවීමෙන් පසු රුසියානු ගෑස් සදහා රූබල් වලින් ගෙවීම් කළ යුතු යයි රුසියා ජනාධිපතිවරයා සදහන් කලේය.

නමුත් යුරෝපා රටවල් දන්වා ඇත්තේ රූබල් වලින් ගෙවීම් කිරීමට තමන් සූදානම් නැති බවයි.

ඒ අනුව ඊට ප‍්‍රතිචාර ලෙස රුසියාව පවසා ඇත්තේ රූබල් වලින් ගෙවීම් සිදුනොකරන්නේ නම් ගෑස් සැපයීම අත්හිටුවන බවය.

රුසියාවට සම්බාධක පැනවීමෙන් පසු යුරෝපා කලාපයේ විදුලි, ඛණිජ තෙල් හා ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

මේ අතර ජර්මන් කර්මාන්ත ෆෙඩරේෂනය පවසන්නේ රුසියාවෙන් ගෑස් නෙවාලැබුනහොත් ජර්මනියේ කර්මාන්ත ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්විය හැකි බවයි. එනිසා රුසියාවට එරෙහිව ගෑස් සඳහා සම්බාධක පැනවීම කළ නොහැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර ස්ලෝවැකියාව සදහන් කර ඇත්තේ රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බවයි.

Related posts

කාන්තාවන්ට ජාතික සතියක්…

Shiran Viraj

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

Shiran Viraj
Translate »