30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන අය එම ධූරවලින් ඉවත් විය යුතු බවට වන කොන්දේසියක් පිලිබදව සාකච්ඡා වී තිබේ.

පක්ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කැඳවා ඇති සාකච්ඡාවකට සහභාගි වීම පිළිබඳව අද දිනය ඇතුළත අවසන් තීරණයක් ගන්නා බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩුවේ ස්වාධීන වූ සෙසු පක්ෂ මේ වන විටත් ජනාධිපතිවරයා කැදවා ඇති සාකච්ඡාවට සහභාගි වීම සඳහා එකඟතාවය පළ කර ඇත.

Related posts

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි

Shiran Viraj

රාජ්‍ය සේවයේ රැකියා කරන්න තරුණ ප්‍රජාව කැමතියි

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Shiran Viraj
Translate »