28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කොවීඩ් 19 වෛරසිය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස් වී ඉන්දීය බලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 56 දෙනෙකු පසුගිය ජනවාරී 25 වනදා නිදහස් කිරීමට අධිකරණය නියෝග කොට සිටියද සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්වලදී ධීවරයින් 43 දෙනෙකුටම කොවීඩ් 19 වෛරසිය වැළඳීම හේතුවෙන් එම පිරිස් නිරෝධායනය කරවීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව ඉතිරි ධීවරයින් 13 දෙනාගේද පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී ඉන් 4 දෙනෙකුට කොවීඩ් වැළඳී තිබීම හේතුවෙන් එම සිව් දෙනාද නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබූ අතර ධීවරයින් 43 දෙනාගේ නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව ඉතිරිවූ තවත් ධීවරයින් 9 දෙනෙකුද සමගින් ධීවරයින් 52 දෙනෙකු ඉදිරි දිනකදී ඉන්දියාවට භාර දීමට පියවර ගෙන ඇතැයි යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

මේ අතර උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් තවත් 32 දෙනෙකු යාපනය බන්ධනාගාරයේ සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.

Shiran Viraj

ගණිකාවක් රහත් වෙලාලු! සමන්තභද්‍ර හිමි පවසයි.

Shiran Viraj
Translate »