2026-09-07
mediahumanrights.lk
Local NewsNews

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

රටපුරා දෛනිකව කාණ්ඩ වශයෙන් සිදු කරන විදුලි කප්පාදුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුනොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග ව්‍යාපාරිකයන් පිරිසක් එකඟතාවයට පැමිණ ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව සැලසුම් කර ඇති දෛවින විදුලි කප්පාදුව කොළඹ නගර සීමාවේ සිදු නොකරනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

කොළඹ නගර සීමාවේ පිහිටි හෝටල් සහ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථානයන්හි ඇති මහා පරිමාණ විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරමින් විදුලිය උත්පාදනය කර ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය ඉතිරි කර දීම මත විදුලිය විසන්ධි කිරීමක් නොකරනු ඇති බව ද සඳහන්ය.

කෙසේ නමුත් එම මහ පරිමාන විදුලි ජනන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන්නේ ඩීසල් වලින් වන අතර රට තුල මේ මොහොතේ උග‍්‍ර ඩීසල් අර්බුදයක්ද පවතී.

විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඩීමල් බලාගාරද මේ වන විට අක‍්‍රියව ඇත්තේ ඒවා සදහා අවහ්‍ය ඩීමල් නොමැතිකම හේතුවෙනි.

Related posts

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

Shiran Viraj

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

Shiran Viraj

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Shiran Viraj
Translate »