mediahumanrights.lk
News Political

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කිරීමක් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සඳහන් කළ බව මුදල් අමාත්‍යවරයා පවසා ඇති බවයි.

මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති සාරව මූල්‍ය ඒකක සඳහා තාක්ෂණික වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවත් වෙන කිසිවක් මෙහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Related posts

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

කෙහෙලිය ඉවත් කිරීම ගැන නාමල් කියයි..

Shiran Viraj