28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය වේදිකාවල කෑ ගැසීමට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාවලියක් බව පැවසූ විපක්ෂ නායකතුමා, “සක්වල” ආරම්භ කළේ ඒ සිහිනය ජය ගැනීම වෙනුවෙන් බවද පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 14 වන අදියර ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ කොට්ටාව විද්‍යාධාන විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම සිදුවිය.

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා තමන් කැපවන බව කී විපක්ෂ නායකතුමා, අනාගත ලෝකයේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය එය බවද කීය. මේ අතර රටට අගයක් එකතු කරන්නට විපක්ෂය කිසිවිටෙකත් පසුබට නොවන බවද කීය.

– media unit

Related posts

Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

Shiran Viraj

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Shiran Viraj
Translate »