31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

වසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…

ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විශේෂ ඇගයීම් සම්මානය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පිරිනමන ලදි.

දේශපාලන ආයතනය (Institute of Politics) විසින් සංවිධානය කළ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී එම සම්මානය පිරිනමනු ලැබුවේ කාන්තා දේශපාලන පීඨයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් වූ අතර එම සම්මානය අමාත්‍යවරිය වෙනුවෙන් ලබාගනු ලැබුවේ අමාත්‍යතුමියගේ මාධ්‍ය ලේකම් තුසිත ජයවර්ධන මහතා විසිනි.

ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු සදහා ඩිප්ලෝමා ප්‍රදානය Institute of Politics ආයතනය විසින් මෙහිදී සංවිධානය කර තිබූ අතර එහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්යක්ෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ඇගයීමක් සිදුකර විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ විශේෂ සම්මානයට පාත්‍ර කරන ලදි.

මෙම අවස්ථාවට හිටපු කතානායක කරු ජයසූරිය මහතා, Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

Related posts

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

Shiran Viraj

රටේ සියළුම පුද්ගලයන්ට කොරෝනා පරීක්‍ෂණ කිරීමට රජය තීරණය කරයි..

Shiran Viraj

පොල් පටවලා වගේ සෙනග දාගෙන යන සැප බස් රථවලට ගහන දඩේට එරෙහිව මගීන් පාරට බහී – Video

Shiran Viraj
Translate »