28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණයන්හි ප්‍රතිඵල වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබේ. දූරදර්ශි සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ 12වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග සහ ආර්ථික දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අදහස් පළ කළහ.

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථාන රැකගනිමින් දැයට උරුම කර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර, විසඳුම් සෙවීමට ජනාධිපතිතුමාට සහාය වීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බව මහා සංඝරත්නය සඳහන් කළහ.

අණපනත්, කතිකා සම්මත කරගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය. විනාශයට යමින් තිබූ සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

Shiran Viraj

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

Shiran Viraj
Translate »