27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

කාබනික පොහොර භාවිතයෙන් නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන්…

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතාකර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කළුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියෝ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවැසීය.

කළුතර බණඩාරගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2,000 ක පමණ මහ කන්නයේ වී වගාව නීරික්ෂණයට එහි ගිය අමාත්‍යවරයාට, ගොවියෝ පෙන්වා දුන්නේ යල කන්නයේ නිසි කලට පොහොර ලබා දී නිසි කලට කුඹුරු ඉඩම් වී වගාව සදහා සූදානම් කළ හොත් අස්වැන්න අඩු නැතිව ලබා ගත හැකි බවය.

මෙහිදි කාබනික වගාව සාර්ථක කර ගත් ගොවීන්ට රජය වෙනුවෙන් සිය කෘතඥතාව පල කරමින් අමාත්‍යවරයා  කියා සිටියේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිමත් කර සෞඛ්‍යය සම්පන්න ජනතාවක් බිහි කීරිම රජයේ අරමුණ බවය.

කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සමඟ මෙම නීරික්ෂණයේ යෙදුන අමාත්‍යවරයා යායෙන් යායට කැඳවා ගෙන ගිය ගොවියෝ පෙන්වා දුන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ තාක්ෂණය ගොවියාට ලබා දී ඔවුන්ටම පොහොර නිෂ්පාදනය කර ගැනීමේ අවස්ථාව ලබා දීමට රජය කටයුතු කලහොත් කාබනික වගාව තවත් සාර්ථක වන බවය.

මහන්සිය කැපවීම ඕනෑකම හා ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගතහැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වූ බවද මෙහිදී අමාත්‍යවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

Related posts

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම

Shiran Viraj

බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj
Translate »