2026-08-19
mediahumanrights.lk
NewsPolitical

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

2018 වසරේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය බලය පිහිටවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි විය.

නව සභාපතිවරයකු පත් කිරීමට පැවතී ජන්ද විමසීමේදී හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එස්. කත්‍රිආරච්චි මහතා ජන්ද 11-4 ලෙස ජයග්‍රහණය කළ අතර කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ MSB වීරකෝන් මහතා ජන්ද 9-7 ලෙස ජයග්‍රහණය කළේය.

මෙහි විශේෂත්වය වුයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ක්‍රියා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරොව්පොතාන සභාවේදී පොහොට්ටුවට විරුද්ධව තරග කිරීමයි. කෙසේ වෙතත් එම අපේක්ෂකයාට හිමි වුයේ ජන්ද 4 ක් පමණි.

කහටගස්දිගිලිය සභාවේ එජාප, ශ්‍රීලනිප මන්ත්‍රීවරු එක්ව පොහොට්ටුවේම වෙනත් මන්ත්‍රීවරයකු සභාපති කිරීමට උත්සහ දැරුවද ඔහු පරාජය විය.

හොරොව්පොතාන මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී පත් කරන ලදි.

උතුරු මැද පළාතේ වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන්නේද හොරොව්පොතාන ආසනයේ ය. එය ජනගහනයෙන් 33% කි. හොරොව්පොතාන ආසනයේ හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුනුවැව ලෙස ප්‍රාදේශීය සභා 3 කි.

Related posts

වසරේ මන්ත‍්‍රීවරිය සුදර්ශිනී…

Shiran Viraj

අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..

Shiran Viraj

VAT ලියාපදිංචි නොවී වෙලදුන් හොර බිල් හදා වැඩි මිලට බඩු විකුණති…

Shiran Viraj
Translate »