mediahumanrights.lk
Local NewsNews

කොරෝනා වැඩිවුනොත් ලංකාව යලි රතු කලාපයට… සංචාරකයන් නැවති ඩොලර්ද නවතී…

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශන වලට සහභාගී විමේ දි කොවිඩ් පූර්ණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව තීරණය කල බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරිම සදහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.

මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. මිනුවන්ගොඩ කොවිඩ් කමිටුව මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

කොවිඩ් පූර්ණ එන්නත්කරණය ලෙස සැලකෙන්නේ පළමුවන, දෙවන සහ තුන්වන මාත්‍රා තුනම ලබාගත්   පුද්ගලයන් පූර්ණ එන්නත්කරණ පුද්ගලයන් ලෙස සැලකෙන බවත් රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කොවිඩ් පැතිර යාම වැළැක්වීම සදහා යම් යම් ක්‍රියාමාර්ග ගැනිමට රජයට සිදුව ඇති බවත්, පෙන්වා දුන් ඇමතිවරයා රජය එම තින්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බව ද කීවේය. කොවිඩ් වැඩිවුණොත් රට නැවතත් රතු ලැයිස්තුවට ඇතුලත්  වි රටට සංචාරකයන් එන එක නතර විය හැකි බවත්, එවැනි තත්ත්වයක් මතු වුවහොත්  ඩොලර් අර්බුදය තවත් උග්‍රවිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් දෙවන හා තුන්වන රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ ප්‍ර දේශයෙන් බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා නැවත එවැනි තත්ත්වයක් ඇතිවිම වැළැක්විම සදහා සියලු පාර්ශව එක්ක කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ද කීවේය.

රටේ පොදු ස්ථානවලට ඇතුළුවිමේ දි පුර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිම සදහා රජය කටයුතු කරමින් සිටින බවත්, නිති කෙටුම්පත් අංශ ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසු ඇමතිවරයා ඊට සමගාමිව බුස්ටර් එන්නත ලබාදීම රජය කඩිනම් කිරිමට ද කටයුතු කරමින් සිටින බව කීවේය. මිනුවන්ඩෙ මැතිවරණ බල ප්‍ර දශයේ පාසල් මට්ටමින් බූස්ටර් එන්නත ලබාදෙන මධ්‍යස්ථාන වල දී සවස්වරුවේ අදාළ ප්‍ර දේශවාසීන්ට බූස්ටර් එන්නත ලබාදීමට ද මෙහි දි තිරණය කෙරිණි. පාසල් කටයුතු වලට බාධාවක් නොවන අන්දමින්  එය සිදු කිරිමට උපදෙස් දුන් ඇමතිවරයා මිනුවන්ගොඩ සියලුම රාජ්‍ය ආයතනවල බූස්ටර් එන්නත ලබා නොගත් අයට සතියක් තුල බූස්ටර් එන්නත ලබාදි අවසන් කිරිමට ද උපදෙස් දුන්නේය. මීට අමතරව දරුවන් මගින් බූස්ටර් එන්නත ලබා ගැනීම සදහා දෙමවිපියන් උනන්දු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ද තීරණය විය.

මෙම රැස්විම සදහා මිනුවන්ගොඩ ප්‍රා දේශිය ලේකම් තනුජා රාජකරුණා, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රා දේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

කොවිඩ් නිසා මියයන මුස්ලිම්වරුන් භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව ඇමති අලි සබි‍්‍ර කියයි

Shiran Viraj

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj
Translate »