28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ගැටළුවක් නොවන බවත් එහෙත් මෙරට වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට හෝ ගොවියා ගොවිතැනින් පලවාහැරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙසේ අවධාරණය කළේ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මම හිතනවා, ඉදිරි අවුරුදු තුන හරියට සැලසුම් සහගතව, ඒ කියන්නේ වැරදුණු දේවල් හරියට හඳුනාගෙන නිවැරදි කළොත් රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්, කියා. හැබැයි එක දෙයක් තිබෙනවා, අපේ රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමග සෙල්ලම් කළ යුතු නැහැ. මේක ඉතා සංවේදී ප්‍රශ්නයක්. වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණොත් එමගින් මේ රටේ ආහාර සුරක්ෂිතතාවයි බිඳවැටෙන්නේ. පොහොරවල හෝ වෙනයම් කවර හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒකට උත්තර සෙවිය යුත්තේ වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටෙන ආකාරයට නොවෙයි.

ඉන්දියාවේ මෝදි ජනාධිපතිතුමාට ගොවියන්ගේ විරෝධතා නිසා ගෙනාපු පනත් දෙකක් අවසානයේදී හකුළා ගන්න සිද්ධ වුණා. ඒක අභිමානයට කැළලක් නොවෙයි. පාලනතන්ත්‍රයට අභියෝග ආවාම සමහරවිට පසුබසින්න වෙනවා. ඒ නිසා වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට තුඩු දුන් හේතු වහාම නිවැරදි කළ යුතුයි. ඒ සිදුවුණු වැරැද්ද නිවැරදි කර ගන්න ලැජ්ජා විය යුතු නැහැ. ලැජ්ජා විය යුත්තේ වැරැද්ද තවදුරටත් නිවැරදියි කියා හිතාගෙන වාණිජ කෘෂිකර්මාන්තය සමග සෙල්ලම් කරන එකටයි.

පොහොර සහනාධාරය ලෙස ලබාදුන් මුදලට වඩා වැඩි මුදලක් දැන් ගොවියන්ට වන්දි විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. එතැනින්ම පෙනෙනවානෙ කරගත්තු වරදේ තරම. ගොවියාගෙ ජීවිතයත් එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක අපට සෙල්ලම් කරන්න බැහැ. මේක ගැටගැහිලා තිබෙන්නේ මුළුමහත් ජනතාවගේ බඩගින්න සමඟ, රටේ ආහාර සුරක්ෂිතතාව සමඟ. එනිසා අපට මෙහිදී හිතෙන හිතෙන තීරණ ගන්න අයිතියක් නැහැ.

කාබනික පොහොර ප්‍රවර්ධනය කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රටේ වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට ඉඩදෙන්න බැහැ, ගොවියාව ගොවිතැනෙන් පලවා හැරීමට ඉඩදෙන්න බැහැ. එහෙම වුණොත් ඒක මේ රටේ අනාගතයට බලවත් තර්ජනයක්.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ඊශ‍්‍රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයි

Shiran Viraj

රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලා

Shiran Viraj

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj