mediahumanrights.lk
Local NewsNews

තවත් ගෑස් පිපිරීමක්…

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

(30) දින පස්වරු 5 ට පමණ මෙම පිපිරිම සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

ගැස් සිලින්ඩරය සහ ගැස් උදුන අතර සම්බන්ධ කර තිබු නලය කොටසකුයි මෙසේ පුපුරා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

නිවසේ සිටි පාසල් දැරියක් ගැස් උදුන දැල්විමට යාමේදි එකවරම ගැස් නලය සහ රෙගුලේටරය පුපුරා ගොස් ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පැතිර ගිය ගින්න පාලනය කිරිමට වතු කම්කරුවන් සමත්වි ඇත.

ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙහි තිබු උපකරණ කිහිපයක්ද පිලිස්සි ඇත.

මිට සති දෙකකට පමණ ප්‍රථම ගැස් සිලින්ඩරය කොටගල ප්‍රදේශයෙන් මිල දි ගත් බව නිවසේ හිමිකරු කියයි.

පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

යහපාලන ආණ්ඩුව තමන් නොමරා මැරූ හැටි හිටපු ජනපති කියයි

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj
Translate »