mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රී ලංකාව බංකොලොත්…

මෙරට ආදායම ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් තත්ත්වයක නැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එනිසා රට මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් කොළඹ ඇති සියලුම ඉඩම් විකිණීම සඳහා සෙලන්දිවා නම් ආයතනයක් පිහිටුවා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් ඒ හරහා උපයා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඩොලර් මිලියන 400ක් තරම් කුඩා ආදායමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..

Shiran Viraj

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Shiran Viraj
Translate »