2026-09-07
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

විදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බවත් වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණ වර්ධන මහතා එසේ කීවේය.

මෙහිදී වැඩි දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය.

කවදාවත් නොවූ විරූ අර්බුධ රැසකටම මුහුණදීලා තියෙනවා.මේ අර්බුධ ආ ආවස්ථාවේදී එයින් මුදවා ගැනීමට පළමුවෙන්ම එලියට ආවේ දකුණේ මිනිස්සු.හික්කඩුවේ සුමංගල හිමියන් වැලිවිටියේ සෝරත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඒ අතර ඉන්නවා.

දැවැන්තම අර්බුදය තමයි විදේශ විනිමය නැති කම.විදේශය විනිමය නැතිව රට එක මොහෝතකවත් ඉස්සරහාට ගෙනියන්න බැහැ.අපි කැමතිවුනත් නොවුනත් අපේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තියෙන මිලට ආනයනය කරන්න වෙනවා.ඒ එම භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා.මේක ගෑස්වලට වේවා ඉන්ධන වලට වේවා පොදුයි.අපි මේ සදහා මුදල් ඉපයිය යුතුයි.

මේ විදේශ විනිමය අර්බුධයට හා ඩොලර් හිගයට මුලුමනින්ම වගකිවයුත්තේ පහු ගිය යහපාලන ආණ්ඩුවයි.මොකද ඒ ආණුවට මේ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් හා දර්ශනයක් නොතිබුණු නිසයි.ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසාද මේ තත්ත්වය ඇතිවුණා.සංචාරකයෝ ලංකාවට එන්නේ නැතිව ගියා.එතකොට මේ රටේ දැන් තියෙන මූල්‍ය අර්බුධයට වගකියන්න ඕන අපේ රජයද.නැහැ .මේ සදහා මුළුමනින්ම වගකියන්න ඕන යහපාලන ආණ්ඩුවයි.

පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටියා මුදල් ඇමතිවරු දෙන්නෙක්.ඒ දෙන්නට තේරුණේ නැහැ විදේශ විනිමය කළමනාකරනය කරන්න. රටට වයසනයක් ආවාම මුදල් අර්බුධයක් ඇති නොවන්න ඒ ඇමතිවරු වැඩපිලිවෙලක් හැදුවේ නැහැ යයි ද ගුණවර්ධන මහතා කීවේය.

Related posts

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj

මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්

Shiran Viraj

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

Shiran Viraj
Translate »