27.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත් මුදල් වංචා කර ඇතැයි ඉන්දීය චිත්‍රපට නිළියක වන සංජනා ගල්රාණි එරට පොලිසියකට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා (Times of India) ඇතුළු ඉන්දීය පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට කන්නඩ චිත්‍රපට නිළියක වන සංජනා සිය මිතුරා වන රාහුල් ටෝන්ස් සහ තවත් දෙදෙනකුට එරෙහිව චෝදනා කර ඇත්තේ කොළඹ සහ ගෝවාහි පිහිටි කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව හඟවමින් තමාගෙන් මුදල් ලබාගත් බව පසමිනි.

සංජනා සහ රාහුල් 2020 සැප්තැම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව ඇය ඇප මත මුදාහැර තිබේ. පොලිස් පැමිණිල්ලේ සංජනා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කරන බව පවසමින් රාහුල් මුදල් ලබාගත් නමුත් තමාට එම මුදල්වල ලාභ ගෙවීම පැහැර හැර ඇති බව පවසමිනි.

එසේම තමා අපකීර්තියට පත් කරමින්, තමාගෙන් ලබාගත් මුදල් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා යොදවා ඇතැයි ද ඇය රාහුල්ට චෝදනා කර තිබේ. ඉන්ද්‍රානගර් පොලිසිය විසින් ඇයගේ මෙම චෝදනාව මත පදනම් වෙමින් රාහුල්ට සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩුවක්ද පවරා ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

– Aruna

Related posts

චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…

Shiran Viraj

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

Shiran Viraj

IMF අදම වැඩ අල්ලයි..

Shiran Viraj
Translate »