2026-07-04
mediahumanrights.lk
Local NewsNews

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමි දොඩම්පහල චන්දසිරි මහනායක හිමිුයන් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
අගමැති කාර්යාලය,
කොළඹ.

ගරු අගමැතිතුමනි

සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම සම්බන්ධවයි.

ත්‍රිකුණාමල දිස්ත්රික්කයේ තෝපූර් හි පිහිටි මංගල රජමහා විහාරය සතු සාංඝික ඉඩම් එහි මේ වෙනවිට බලහත්කාරයෙන් රැඳී සිටින භික්ෂූන් විසින් අවසතු කිරීමට සැරසෙන බවට මා වෙත කරුණු වාර්තා වී ඇත .

සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයෙහි නඩු කිහිපයක් විභාග වෙමින් පවතී.

එවැනි පසුබිමක් තුළ මේ ආකාරයෙන් සඟසතු දේපල අවසතු කිරීමට හෝ බදු දීමට කිසිදු නෛතික බලයක් එහි බලහත්කාරයට රැඳී සිටින භික්ෂූන් වහන්සේලාට නොමැත. කාවන්තිස්ස මහරජතුමා විසින් මේ සියලු චංචල නිශ්චල දේපල චුල්ලපිණ්පාතිකතිස්ස මාහිමියන් ප්‍රධාන සංඝරත්නයට අතපැන් වත්කර සඟසතු කොට පිදු බව ධාතුන්වහන්සේ එහි පැහැදිලිව සඳහන් වී ඇත.

එහෙයින් මේ සේරුවිල මංගල රජමහා විහාරය සතු ඉඩම් අවසතු කිරීම ක්‍රම විරෝධී හා නීති විරෝධී වන බැවින් මේ පිළිබඳව සොයා බලා මා වෙත දන්වා එවන ලෙස කාරුණිකව ඉල්ලමි.

මේ වන විට සේරුවිල මංගල රජමහා විහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වන බැවින් විහාරස්ථානය තුළ නව ඉදිකිරීම්, භූමිය කැණීම්, හා ඉඩම් සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමට ප්‍රථම මා දැනුවත් කරන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටිමි.

දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේ
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමි

Related posts

40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

Shiran Viraj

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

Shiran Viraj

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

Shiran Viraj
Translate »